දික්වැල්ල සහ දිනූෂ අර්ධ ශතක වාර්තා කරයි - ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට දැඩි සටනක [LIVE VIDEO]

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කරමින් සිටී.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම ඉන්දීය පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර, මොහොමඩ් සිරාජ් ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

අනතුරුව ක්‍රියාත්මක වූ ඉන්දීය දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළහ. මනව් සුතර් පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට පීඩනයක් එල්ල කළ අතර, කූල්දීප් යාදව්ද තවත් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

එම කඩුල්ල සඳහා ඉන්දීය නායක ශුබ්මන් ගිල් ලබාගත් විශිෂ්ට එක් අතක උඩපන්දුවද කැපී පෙනුණි. ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ කඩුල්ල රවීන්ද්‍ර ජඩේජා විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අසීරු තත්ත්වයකට පත්විය.

ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා කරයි!

ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා කරයි!

කඩුලු 5ක් ලකුණු 90කට දැවී ගොස් තිබියදී පිටියට එක්වූ නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ මේ වන විට ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැගීමේ සටනක නිරතව සිටිති. දෙදෙනාම අර්ධ ශතක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ඉනිමට වැදගත් දායකත්වයක් ලබා දී ඇති අතර, ඔවුන්ගේ සම්බන්ධතාව ශ්‍රී ලංකාවට ඉන්දීය පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ආසන්න කර ගැනීමටද වැදගත් වනු ඇත.

තෙවැනි දිනය ආරම්භයේදී ඉන්දියාවේ පළමු ඉනිම අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වැය වූයේ පන්දු හතරක් පමණි. ඊයේ දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා සිටි ඉන්දීය ඉනිමට අද දිනයේ එක් කිරීමට හැකි වූයේ තවත් ලකුණු 2ක් පමණි.

තේ පානයට තරගය නතර කරන විට   ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා සිටින අතර, නිරෝෂන් දික්වැල්ල  නොදැවී ලකුණු  66 ද,  සොනාල් දිනූෂ නොදැවී 62 ක්ද ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කරමින් සිටිති.

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න