ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා කරයි!

Report

ඉරිදා දිනය අවසන් වන විට ලකුණු 460කට කඩුලු 9ක් දැවී තිබූ ඉන්දියාවට තවත් එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබූ අතර, අද සදුදා තෙවැනි දිනය ආරම්භයේදී ඔවුන්ට ලකුණු දෙකක් ඉනිමට එක් වෙද්දී අවසන් කඩුල්ලත් දැවී ගියේය.

එ අනුව අසිත ප්‍රනාන්දු විසින් ප්‍රසිද් ක්‍රිෂ්ණා දවා ගැනීමත් සමඟ ඉන්දීය පළමු ඉනිම අවසන් විය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දෙව්දත් පඩික්කල් ලකුණු 167ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ඔහුගේ දැවැන්ත ඉනිම ඉන්දීය පළමු ඉනිම ශක්තිමත් කිරීමට ප්‍රධාන වශයෙන් දායක විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කැපී පෙනුණු අතර, ඔහු ලකුණු 109කට කඩුලු 4ක් දවා ගත්තේය.

කේශර නුවන්ථ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 2ක් ලබා ගත්තේය. ඉන්දියාව ලකුණු 462ක දැවැන්ත පළමු ඉනිමක් ගොඩනැගීමට සමත් වූ අතර, එහි ප්‍රධානතම සාධකය වූයේ පඩික්කල්ගේ අගනා ලකුණු 167ක ඉනිමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ඉන්දීය පළමු ඉනිමට පිළිතුරු දෙමින් සිටින අතර, තෙවැනි දිනයේ තරගය දැඩි තරගකාරී ස්වරූපයක් ගෙන තිබේ.

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි

ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි