ආගමන හා විගමන පනත උල්ලංඝනය කලාට හිටපු මන්ත්‍රීනීට නඩු..

By Piyumika Jul 11, 2024 07:27 AM GMT
Report

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පැවරීය.

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට..ඔබ ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ද?

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඉහළට..ඔබ ඔබේ දරුවා පිළිබඳ සැලකිලිමත් ද?

ඇප මත සිටින ඩයනාගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරු අතර චෝදනා කියවාදීම අගෝස්තු 01 දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළු වෙල දන්වා සිටියේය.

මෙහෙම ගියොත් මොකක වෙයිද..ඊයේ දවසට ට්‍රාන්ෆෝමර් 8ක්ම ඉවරයි ..

මෙහෙම ගියොත් මොකක වෙයිද..ඊයේ දවසට ට්‍රාන්ෆෝමර් 8ක්ම ඉවරයි ..

අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තැබිණි.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.