ඩයනාගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින දෙයි

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අඳාළ නඩුව පවරා ඇත්තේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේයි.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවා ඇත.

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

ඉෂාරට නීති පොත දුන්න නීතිඥවරිය පද්මෙත් එක්ක තිබ්බ ආලවන්තකම එළියට - හිතාගන්න බැරි ගේමක් ගහලා

එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණය මඟින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය සඳහන් කළා.

ඒ අනුව එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරි හංසිකා කුමාරසිරි මහත්මිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

පසුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 15 දක්වා කල් තබා තිබෙනවා.

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

මෙම නඩුව පසුගිය 2016 වසරේ ජුලි මස 14 වනදා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාලසීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට තුළ රැඳී සිටීම සහ විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු විය.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා 07ක් යටතේයි.

මහින්ද එක්ක ඒ ඉන්නේ මම නෙමෙයි - කොට්ටහච්චි කට අරි

මහින්ද එක්ක ඒ ඉන්නේ මම නෙමෙයි - කොට්ටහච්චි කට අරි