මේ විභාගය ලියන අයට විශේෂ නිවේදනයක් - අයැදුම් කාලය දිගු කරයි

Report

2026 වර්ෂයට අදාළව පැවැත්වෙන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයැදුම්පත් බාරගන්නා අවසන් දිනය අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා නිවේදනය කළේ, මීට පෙර අප්‍රේල් 20 වැනිදා දක්වා නියම කර තිබූ මෙම කාලසීමාව ගුරුවරුන්ගේ පහසුව පිණිස මෙලෙස දීර්ඝ කළ බවයි.

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

මෙම විභාගයට අදාළ අයැදුම්පත් සහ උපදෙස් පත්‍රිකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන dbagovlk.org හෝ දහම් පාසල් අංශයේ www.dbadhammaschool.giize.com වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

මීට අමතරව, Google Play Store හි ඇති Dhamma School යෙදවුම (App) හරහා ද අයැදුම්පත් ලබාගැනීමේ පහසුව සලසා ඇත.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම විභාගය, දහම් පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පවත්වනු ලබන ප්‍රධාන සුදුසුකම් පරීක්ෂණයකි.

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්