සුබ ආරංචියක්. - නඩුව අවසන්. - සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ස්ථිර වෙයි.

Ministry of Education Education Teachers
By Wayomi Sep 12, 2024 12:35 PM GMT
Wayomi

Wayomi

Report

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව තිබෙනවා.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ ව නඩු විභාගය ගැනුණු අතර, අද (12) දින එම නඩු සමථයට පත් වූ බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියා.

ඒ, අනුව රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා ද මීට ඉහතදී සිය එකඟත්වය පළ කළා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.


පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද ඒ බව තහවුරු කරමින් පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.