දේශබන්දු සැඟව සිටියේ ගිරිඋල්ල නිවසේද ? බැඩ්මින්ටනුත් ගහලා!

Report

මාතර වැලිගම හෝටලයකට සිදු කළ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයෙන් පැන යමින් සිටි කාලයේ ගත කළ ආකාරය පිළිබඳ තොරතුරු හෙළි විය.

පෙබරවාරි 27 වැනිදා නඩුව කැඳවූ විට දේශබන්දු තෙන්නකෝන් බැට්මින් ක්‍රීඩා කරමින් සිටි බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන විට හෝකන්දර නිවසේ සිට ඩෙනිමක් සහ ටී-ෂර්ටයකින් සැරසී, මුඛ ආවරණයක් සහ හිස්වැස්මක් පැළඳ, ත්‍රිරෝද රථයකින් ගිරිඋල්ලේ පිහිටි නිවසකට ගිය බවත් ප්‍රකාශ කර ඇත.

පමුණුවේ වෙළෙන්දන්ට වෙළෙඳාම් කිරීමට තහංචියක්!

පමුණුවේ වෙළෙන්දන්ට වෙළෙඳාම් කිරීමට තහංචියක්!

නමුත්, විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු කොස්වත්ත හන්දියේ සිට ගිරිඋල්ලේ නිවසට ගොස් ඇත්තේ, බාර් 11ක හිමිකරු වන ඔහුගේ සමීප මිතුරෙකු වන සුරංග වීරසූරියගේ මොන්ටෙරෝ ජීප් රථයෙන් බවයි.

මෙහිදී කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් බූවල්ලෙකුට සමාන බවත්, ඔහුගේ ග්‍රහණයේ තවත් පිරිසක් එල්ලී සිටින බවත්ය.

තමන්ගෙ ෆොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලද? - විනාඩියෙන් ඉවත්කරන්නේ මෙහෙමයි

තමන්ගෙ ෆොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලද? - විනාඩියෙන් ඉවත්කරන්නේ මෙහෙමයි