අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස ගැන දැනුම්දෙයි.

Report

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වවනු ඇතිමෙහිදී .

පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි.

පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවනවා.

මෙහිදී සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් සඳහන් කළේ,අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබෙන බවයි.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.

පාර්ලිමේන්තු ජන්දේ දී පාට කරන ඇඟිල්ල මාරු වෙයි. - සුලගිල්ල වෙනුවට එන ඇඟිල්ල මෙන්න.