සරසවි සිසුවා රෝහලට යැවූ දරුණු අනතුර [video]
කහතුඩුව රිලාවල මංසන්ධියේ දි සරසවි සිසුවෙකු පැද වූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සරසවි සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කහතුඩුව පොලීසිය ප්‍රකාශ කර ඇත.
තුවාල ලද සිසුවා කොළඹ හොරණ මාර්ගයේ, කොළඹ දෙස සිට කහතුඩුව බලා පැමිණීමේ කහතුඩුව රිළාවල හන්දියේදී හොරණ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකවරම මාර්ගය හරහා කිරිගම්පමුණුව දෙසට හැරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබුණි.
යතුරුපැදිය සහ තීරෝද රථය එකිනෙක ගැටීමෙන් අනතුරුව තීරෝද රථ රියදුරුට රිය පාලනය කරගත නොහැකිව ඉදිරියට ගොස් ප්‍රතිවිරුද්ධ දිසාවේ තිබූ ලොතරැයි අලෙවි කුටියක ගැටී නතරව තිබේ.
පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇති බවයි
තුවාල ලද සරසවි සිසුවා වෑතර දිසා රෝහලට ඇතුළත් කර තිබේ ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරුව කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
CCTV දර්ශන උපුටා ගන්නා ලදි.