රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)
Department of Examinations Sri Lanka
G.C.E. (O/L) Examination
Education
Latest Headlines
Teachers
By krishani
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය – 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතු වේ.
එම අයදුම්පත් භාර ගැනීම 2024.08.15 දින සිට 2024.08.30 දක්වා සිදුකරනු ලැබේ.
අයදුම් යොමු කිරීමට පහත දැක්වෙන ක්‍රමයක් අනුගමනය කළ හැකිය.
* විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (https://www.doenets.lk) වෙත පිවිස " අපගේ සේවා " යටතේ ඇති ''Exam Information Centre" මත Click කිරීම මඟින්.
* විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම් (Mobile Application) වන DoE වෙත පිරිස "Exam Information Centre" මත Click කිරිම.
* https://onlineexams.gov.lk/eic වෙත පිවිසීම ඔස්සේ.
කෙසේ වෙතත්, සම්පූර්ණ විස්තරය ඇතුළත් එයට අදාළ නිවේදනය පහතින් දැක් වේ,