රහස් හමුදා මෙහෙයුම පිළිබඳ තොරතුරු හරහා මදුරෝ ගැන ඔට්ටු අල්ලලා ලක්ෂ 4 ක් දිනලා

Report

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමේ රහස් හමුදා මෙහෙයුම පිළිබඳ තොරතුරු උපයෝගී කරගනිමින් ඔට්ටු අල්ලා ඇමෙරිකානු ඩොලර් 400,000ක මුදලක් දිනාගත් "ඩෙල්ටා ෆෝස්" විශේෂ බලකා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ෆෝට් බ්‍රැග් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගැනොන් කෙන් වැන් ඩයික් නමැති මෙම සෙබළා, පසුගිය දෙසැම්බර් මාසයේදී අනාවැකි පළකරන වෙබ් අඩවියක් හරහා ඩොලර් 32,000ක මුදලක් ඔට්ටු තබා ඇත්තේ ජනවාරි මාසය වන විට මදුරෝ බලයෙන් නෙරපා හරින බවටයි.

මොහුව සොයාදෙන පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්

මොහුව සොයාදෙන පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්

ජනවාරි 2 වනදා අමෙරිකානු හමුදා මෙහෙයුමකින් මදුරෝ අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ අනාවැකිය සැබෑ වූ අතර, ජයග්‍රාහී මුදල ක්‍රිප්ටෝ ගිණුමක් හරහා ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු හසු වී තිබේ.

රජයේ රහස් අවභාවිතය සහ වංචාව ඇතුළු චෝදනා පහක් යටතේ ඔහුට එරෙහිව උතුරු කැරොලිනා අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

ශ්‍රී ලාංකිකයන්ට නරක ආරංචියක් - ඉස්සරහට මේවගේත් මිල වැඩිවීමක්?

ශ්‍රී ලාංකිකයන්ට නරක ආරංචියක් - ඉස්සරහට මේවගේත් මිල වැඩිවීමක්?