ඉන්දියාවේ දැඩි උණුසුමක් - කාලගුණයෙන් අනතුරු ඇගවීම්
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු උතුරුදිග ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ .
මැයි 22 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂිත මෙම දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කර ඇත .
රාජස්ථාන්, උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ්, හර්යානා, චන්දිගාර්, දිල්ලි සහ චතිස්ගාර් යන ප්‍රාන්තවල මෙම උණුසුම් තරංග තත්ත්වය ව්‍යාප්ත වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
කොන්කන් සහ ගෝවා ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට ද මෙහි බලපෑම එල්ල වී ඇත.
සාමාන්‍යයෙන් තැනිතලා ප්‍රදේශයක උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය විට සහ එය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4.5 සිට 6.4 දක්වා වැඩි වූ විට එය 'උණුසුම් තරංගයක්' ලෙස හදුන්වයි .
යම් ප්‍රදේශයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 හෝ ඊට වැඩි අගයක් ගන්නේ නම්, එය ඉතා භයානක තත්ත්වයක් ලෙස සැලකේ.
ඉදිරි දින තුන තුළ දිල්ලියේ උෂ්ණත්වය තවත් අංශක 2-3 කින් ඉහළ යනු ඇති බවට වාර්තාවේ. ප්‍රබල සුළං තත්ත්වයක් (පැයට කිලෝමීටර් 20-40 දක්වා) අපේක්ෂා කළ හැකි වුවද, ඉන් පසුව එළඹෙන පැහැදිලි අහස සහිත දිනවලදී උෂ්ණත්වය තවදුරටත් දැඩි වනු ඇත.
නමුත් ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශවලට සහ කේරළය, තමිල්නාඩුව වැනි දකුණුදිග ප්‍රාන්තවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.