මුහුදු ප්‍රදේශවලත් යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව සදහා කාලගුණයෙන් නිවේදනයක්

Report

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත්, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (17) ප.ව. 3ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත .

ඒ අනුව,නවතම දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට දුර්වල වී තිබෙන බව වාර්තා වේ .

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙයි

එම නිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලටත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලටත් එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව නිවේදනයේ සඳහන්ය.

මෙය එම පද්ධතිය සම්බන්ධව නිකුත් කරනු ලබන අවසන් නිවේදනය බවද සඳහන්ය  .

Gallery