බිහිසුණු අනතුරක් - දිල්ලියේ නිවාස සංකීර්ණයක ප්‍රබල ගින්නක් - මරණ රැසක්

By Ashfa May 03, 2026 09:20 AM GMT
Report

දිල්ලි නුවර විවේක් විහාර් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ප්‍රබල ගින්නක් හටගෙන ඇත. මෙම ගින්නෙන් වයස අවුරුද්දක දරුවෙකු ඇතුළු පුද්ගලයින් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අද (03) අලුයම 4:00ට පමණ ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න නිවීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා ගිනි නිවන රථ 14ක් එම ස්ථානයට යොමු කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්

නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත්, ගින්න ගොඩනැගිල්ලේ තෙවන සහ සිව්වන මහල් දක්වා පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගොඩනැගිල්ල තුළ සිටි දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් බේරාගත් බව එරට නිලධාරීන් සඳහන් කළ අතර මියගිය පුද්ගලයන් 9දෙනාගේම අනන්‍යතාවය මේ වන විට තහවුරු කර ඇති බවද සඳහන්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දෙවන මහලෙන් වන අතර එහිදී එකම පවුලක පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය

ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය

එමෙන්ම ගොඩනැගිල්ලේ තෙවන මහලේ සිටි තවත් පවුලක සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය දෙකක පමණ උත්සාහයකින් පසු ගින්න පාලනය කිරීමට හැකි ව ඇති බවය.