බලන්නකෝ හම්බවෙලා තියනදේ..අර වගේම එකක් කියන්නේ..

Report

නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

සල්ලි එකතු කරලා ඒ මදිවට ඒවා බෙදලත් දීලා..සල්ලි එකතු කරපු හේතුව ඇහුවම පොලිසියේ ඇසුත් උඩ ගිහින්..

සල්ලි එකතු කරලා ඒ මදිවට ඒවා බෙදලත් දීලා..සල්ලි එකතු කරපු හේතුව ඇහුවම පොලිසියේ ඇසුත් උඩ ගිහින්..

වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවය.

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබද දැනුම් දීමක්..

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබද දැනුම් දීමක්..

අනතුරුව වරින් වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් විසින් ගෙනත් දුන් බවද ඔහු පවසා තිබේ. ඒ අනුව මෙම රථය මෙම ස්ථානයට ලබා දුන් බව කියන එම විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලීසිය පැවසීය.

මේ වන විට අදාළ ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලීසිය වෙත භාර දී තිබේ. 

You may like this video