විශාල පිරිසකට දෙන දීමනාවකට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ..එමගින් සිදු වූ දේ.

Sri Lanka Politician Government Employee Sri Lanka Cabinet Department of Pensions
By Aruna Aug 08, 2024 04:24 AM GMT
Aruna

Aruna

Report

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව තවත් නව අංශයක් හදුන්වා දෙන්න යයි..එම අංශය මෙන්න.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අමතරව තවත් නව අංශයක් හදුන්වා දෙන්න යයි..එම අංශය මෙන්න.


ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙන්නේ, සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙසයි.

රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මෙරට ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් ජීවන රඟමඬලට සමුදෙයි.(PHOTOS)

මෙරට ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් ජීවන රඟමඬලට සමුදෙයි.(PHOTOS)


මැතිවරණ කොමිෂන් සභාවේ පැවති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී ද ඒ පිළිබඳව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම පැවසන්නේ, එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බවයි.

ReeCha