රජයෙන් විශේෂ තීරණයක් - විවිධ වැරදි සම්බන්ධව සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීන්දුවක්
ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාගේ චීවරය දැරීමේ සුදුසුකම පිළිබඳ තීරණය අදාළ නිකායන් විසින් ගනු ලැබිය යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳව අදාළ නිකායන් වෙත දැනුම්දීමට රජය පියවර ගන්නා බවයි.
ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා හරහා ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා සිව්නමගේ අනුශාසනා හා උපදෙස් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.