නාමල් ඇතුළට යද්දී ශිරන්තිත් යළි රිමාන්ඩ්
"සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් ඇප ලබාදීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කළේය.