එකවරම ඉහළ ගිය ඉන්ධන අලෙවිය ...
By Parami Dissanayake
පසුගිය දින කිහිපයේ ඉන්ධන අලෙවිය පහළ ගොස් තිබුණ ද වෙසක් සතිය ආරම්භ වීමත් සමග වාර්තාගත ලෙස ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බව ඉන්ධන බෙදුම්කරුවන් විසින් පවසනු ලබනවා.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, ඉන්ධන පරිභෝජනය මෙම දින කිහිපයේ ඉහළ යන බවයි. එබැවින්, ඉන්ධන තොග ද වෙනදාට වඩා ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
එමෙන් ම, බෙදුම්කරුවන් පෙන්වා දෙන්නේ මෙම වසරේ ආරම්භයේ සිට ඉන්ධන අලෙවිය පවතින්නේ ඉතාමත් පහළ මට්ටමක බවය. යම්තාක් අලෙවියක් හෝ සිදු වූයේ සිංහල දෙමළ අලුත් අවුරුදු දින කිහිපයේ පමණක් බව ඔවුන් පවසයි.
එමෙන්ම, ඉන්ධන බෙදුම්කරුවන් වැඩිදුරටත් පවසා සිටින්නේ වෙසක් අවසන් වීමෙන් පසු නැවත ඉන්ධන අලෙවිය පෙර ලෙසම පහළ යන බවය.