ජනපතිට හිතවත් පිරිසකගේ ණය, බොල් ණය ලෙස කපා දමයි..

Report

ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත්, එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම.

ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා.

ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ.

ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ. ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ යැයි කීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now