ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඟින් ශ්‍රී ලංකාවට වාසියි - අලි සබ්‍රි
By Parami Dissanayake
අද (28) ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසා සිටිනවා.
එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කර ගැනීමටද මෙම තත්ත්වය ඉවහල් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.