රුපියල් කෝටි 18ක මත් ද්‍රව්‍ය තොගයක් ‘වේ ප්‍රෝටීන්’ සමඟ...

Report

 වේ ප්‍රෝටීන් හෙවත් කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන බෝතල් 13 ක් තුළ අසුරා තිබූ කෝටි 18ක් වටිනා , කුෂ් , නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සමත්විය.

දුරදිග ගිය පවුල් ආරවුල නිසා දිවි අහිමි කරගත් කොස්තාපල්...

දුරදිග ගිය පවුල් ආරවුල නිසා දිවි අහිමි කරගත් කොස්තාපල්...

ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ඒවා තිබු අතර ,මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 06 ක් ලෙස සකස් කර කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190කට ආසන්න බවය.

හෙට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය...

හෙට T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය...

මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත මෙම පාර්සල් ලැබී ඇතත්, ඒවා භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබුණි.

එම අවස්ථාවේ දී, වේ ප්‍රෝටීන බෝතල් වල සදහන් බරට වඩා වැඩි බරක් පැවතීම නිසා ඒවා ගලවා පරීක්ෂා කර බැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව සඳහන් වේ.