ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය ගණන ඉහළට

Report

ඉරානයේ දකුණු ප්‍රදේශයේ මිනාබ් නගරයේ පිහිටි බාලිකා ප්‍රාථමික පාසලකට එක්සත් ජනපදය හා ඊශ්‍රායල් ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරයෙන් මෙම සිදුවීම ඉරානයේ ජනතාව අතර දැඩි කෝපයක් ඇති කර ඇති අතර, රට පුරා ආන්දෝලන හා ප්‍රතිචාර එල්ල වෙමින් පවතී.

ඊයේ ( 28) ආරම්භ වූ මෙම ඒකාබද්ධ ප්‍රහාරයේදී ෂජරෙහ් තයිබෙහ් බාලිකා පාසලට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර  ඉරාන බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම තවත් 95 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ

ඉරාන රජයේ නිලධාරීන් හා රාජ්‍ය මාධ්‍ය මෙම සිදුවීම "බිහිසුණු යුද අපරාධයක්" ලෙස හඳුන්වමින්, එය ජාත්‍යන්තරව නින්දාවට ලක් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඉරාන රජය පෙරලා දැමීමේ අරමුණින් ආරම්භ වූ විශාල මෙහෙයුමක කොටසක් ලෙස සැලකේ.

තවදුරටත් මළ සිරුරු හමුවීම් හා තුවාලිතයන්ගේ තත්ත්වය අනුව සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකිය.

ලෝකේ මීට කලින් දැකපු නැති විදිහේ ප්‍රහාරයක් කරනවා - ට්‍රම්ප් යකා නටයි

ලෝකේ මීට කලින් දැකපු නැති විදිහේ ප්‍රහාරයක් කරනවා - ට්‍රම්ප් යකා නටයි

ඉරානය පාලනයට තාවකාලික රාජ්‍යය මණ්ඩලයක් පත්වෙයි

ඉරානය පාලනයට තාවකාලික රාජ්‍යය මණ්ඩලයක් පත්වෙයි