ඝාතකයින් සිව්දෙනෙකුට මරණ දඩුවම...

By Parami Dissanayake Jul 30, 2024 03:47 PM GMT
Report

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පැවසී ය.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම වූයේ ය.

ජනතාව වෘත්තීය සමිති සමඟ තරහෙන් - ලාල් කාන්ත

ජනතාව වෘත්තීය සමිති සමඟ තරහෙන් - ලාල් කාන්ත

2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත්, නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් ඇති අතර, 6 වැනි විත්තිකරු ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් කෙරුණි.

පොහොට්ටුවේ බහුතරය රනිල්ට ද...?

පොහොට්ටුවේ බහුතරය රනිල්ට ද...?

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබුණි.

නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළේය.