මරණය ගෙනා ඇඟ සලිත කරවන බිහිසුණු අනතුර..(PHOTOS)
By Piyumika
මන්නාරම,මුරුන්කන් ප්‍රදේශයේදී ඊයේ(21) සවස සිදුවු රිය අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුරුන්කන් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ කල්මුනෙයි ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා වෑන් රථයකින් ගමන්ගත් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
කල්මුනෙයි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, එකම පවුලේ පිරිසක් ගමන්ගත් වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව තිබිණ.
වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් වෑන් රථය මාර්ගය අසළ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරේ.
අනතුරින් තුවාල ලැබූවන් මුරුන්කන් රෝහලට ඇතුළත් කොට ඇති අතර, ඉන් පුද්ගලයින් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි