රට රැකියාවකට යන්න ඔබත් මේ අයට මුදල් දුන්නාද..(VIDEO)
පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසා ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවන මහා පරිමාණ මුල්‍ය වංචාවේ මෙරට ඒජන්තවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ලක්ෂ ගණනින් මුදල් බැර කර ගෙන ඇත්තේ තම පෞද්ගලික ගිණුම්වලට බව මේ වන විට හෙළිව තිබේ .
ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාර ගෙන යමින් සිදුකරන මෙම රැකියා ජාවාරමට මේ වනවිට මැදපෙරදිග රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් රැසක් හසුව ඇති බවත් අනාවරණය වී ඇත .
ඔවුන්ට ඉතා පහසුවෙන් යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබා දිය හැකි බවට ඩුබායි හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ටික් ටොක් හරහා විවිධ අන්දමේ වීඩියෝ පට මුදාහරිමින් මෙය සිදු කරගෙන ගොස් ඇති අතර මෙම ටික් ටොක් පණිවිඩවලට මුලා වු මැදපෙරදිග ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මොවුන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇත.
එලෙස මුදල් ගෙවු පසු ලබා දී ඇති බොහෝ ලියකියවිලි ව්‍යාජ ඒවා බව මේ වනවිට හෙළිව තිබේ . මෙලෙස එම ලියකියවිලි සාදාදෙන බවට පවසා මොවුන් ලක්ෂ ගණනින් මුදල් බැර කරගෙන ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බව ද මේ වනවිට හෙළිව තිබේ .
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        