මොහොතකින් ඛේදවාචකයක් වුණ අලුත් අවුරුදු සැමරුම - ස්විස් බාර් එකක විශාල පිපිරීමක් නිසා පිරිසක් ජීවිතක්ෂයට

By Kaushi Jan 01, 2026 07:43 AM GMT
Report

ස්විට්සර්ලන්තයේ ස්විස් ස්කී රිසෝට් නමැති සුප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක බීර හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කර ඇත.

ඒ අනුව අඳාළ අනතුර සිදුව ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය මධ්‍යයේ පිහිටි ක්‍රාන්ස්-මොන්ටානා නමැති සුඛෝපභෝගී සංචාරක නගරයේ පිහිටි Le Constellation බීර හළ තුළ බව වාර්තා වේ.

මෙම නගරය එරට අගනුවර වන බර්න් සිට පැය දෙකක (2) පමණ දුරකින් පිහිටා තිබෙනවා.

ඒ අනුව මෙම පිපිරීම සිදුව ඇත්තේ එරට වේලාවෙන් අලුයම 01:30 ට පමණ බව පවසයි.

අලුත් අවුරුද්ද උදා වෙද්දිම කරපු අමානුෂික අනතුරක් - පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

අලුත් අවුරුද්ද උදා වෙද්දිම කරපු අමානුෂික අනතුරක් - පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

එසේම පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ නව අවුරුදු උදාව සැමරීමේ උත්සව පවත්වමින් සිට ඇත.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනවලින් පෙනී යන්නේ බාර් එක තුළ ගින්නක් හටගෙන තිබෙන බවයි.

මේ අතර පීඩාවට පත් වූවන්ගේ පවුල්වල අයට තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ දුරකථන උපකාරක සේවාවක් ද පිහිටුවා ඇත.

එසේම මෙම ස්ථානය බ්‍රිතාන්‍ය සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වන අතර, එම නගරය තුළ සැතපුම් 87 ක දිගින් යුත් මංපෙත් පිහිටා ඇත.

පේරු රාජ්‍යයේ දරුණු දුම්රිය අනතුරක් ,40කට වැඩි පිරිසකට තුවාල.

පේරු රාජ්‍යයේ දරුණු දුම්රිය අනතුරක් ,40කට වැඩි පිරිසකට තුවාල.

ස්විස් පුවත් සේවාවක් වන 'බ්ලික්' සඳහන් කරන්නේ ප්‍රසංගයක් අතරතුර භාවිත කළ ගිනිකෙළි නිසා මෙම ගින්න හටගන්නට ඇති බවයි.

එහෙත් පොලිසිය ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව පවසයි.

ඊට අමතරව මෙම අනතුර සිදුවන විට, ජනවාරි මස අවසානයේදී කීර්තිමත් FIS ලෝක කුසලාන (FIS World Cup) ස්කී (හිම මත ලිස්සා යාමේ) තරඟාවලිය පැවැත්වීමට මෙම නිකේතනය සූදානමින් සිට ඇත.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා