ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරුවෙක් හදිසියේ අත්අඩංගුවට - හේතුව මෙන්න

Report

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර්ට සිඩ්නි නුවරදී බීමත්ව රිය පැදවීමේ චෝදනාවක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව 39 හැවිරිදි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී සිදුකළ හදිසි පරීක්ෂාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත් වෝනර් පොලිස් ස්ථානයේදී සිදුකළ දෙවන පරීක්ෂණයෙන්ද බීමත්ව සිට නොමැති බවට තහවුරු වී ඇතත්, රුධිර මධ්‍යසාර සාන්ද්‍රණ ඉහළ අගයක් වාර්තා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තමිම් ඉක්බාල් පත් කෙරේ

එබැවින් නිව් සවුත් වේල්ස් නීතියට අනුව, රුධිර මධ්‍යසාර සාන්ද්‍රණය 0.08 සහ 0.149 අතර පවතින රියදුරන්ට අදාළ වන "මධ්‍යම මට්ටමේ මධ්‍යසාර සාන්ද්‍රණය" (mid-range prescribed concentration of alcohol) යටතේ වෝනර්ට චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් වෝනර්, මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කරච්චි කින්ග්ස් (Karachi Kings) කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කර‍යි.

පාපන්දු ලෝක කුසලානයට ඉරානය සහභාගී වෙයිද?

පාපන්දු ලෝක කුසලානයට ඉරානය සහභාගී වෙයිද?

සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න

සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න