කාසියේ වාසිය ඕමානයට
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය වන ඕමානය සමඟ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕමාන නායකයා සමත් වුණා.
ඒ අනුව ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගනු ලැබුවා.
කෙසේ වෙතත් පෙර තරගයේ දී ඇතිවූ ආබාධ තත්වය හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ ශ්රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග වෙනුවට අද ක්රීඩා කරන කණ්ඩායමට දුශාන් හේමන්ත එක් වී තිබෙනවා.