ප්‍රසිද්ධ විවාහ මංගල යුවලක් දළදා මාළිගාව තුළ ගත් ඡායාරූප ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න.(PHOTOS)

Sri Lanka Police Kandy Sri Lanka Wedding
By Aruna Sep 09, 2024 04:28 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීණ රංගන ශිල්පී සහ නීතිවේදී දෙව්නක පෝරගේ සහ සංගීතවේදිනී හෂිනි වෑදණ්ඩ යුවළගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වනවා.

ඒ, ඔවුන් එම ඡායාරූපවලින් කිහිපයක් ඓතිහාසික දළදා මාළිගාව තුළ ගෙන තිබීම හේතුවෙන් වීම විශේෂත්වයක්.

එහි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට තමන් පොලිසියෙන් ඉල්ලීමක් කළ බවයි.

දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්..මේ ගැන අවධානයෙන් ඉන්න.


මේ වනවිට අදාළ ඡායාරූප ගත් ලක්මාල් සිංහාරගේට ද ඇතැම් පිරිස් විවේචන එල්ල කරනු අයුරු දකින්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි පැහැදිලි කිරීමක් සිදු කර තිබුණේ මෙලෙසින්.

උපුටාගැනීම:

පසුගිය දිනෙක මා විසින් ගත් ඡායාරූප කිහිපයක් කිසියම් අවධානයට ලක්වී තිබෙනවා. ඒ ඡායාරූප ප්‍රවීණ රංගන ශිල්පී සහ නීතිවේදී දෙව්නක පෝරගේ සහ සංගීතවේදිනී හෂිනි වෑදණ්ඩ යන ආදරණීය යුවළගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේදී ගත් ඡායාරූප කිහිපයක්.

ඔවුන් යුවළ සැදැහැවත් බෞද්ධයන් වන නිසා ඔවුන්ගේ විවාහ ගිවිසගැනීමේ කටයුතු සිදු කරන්නට තෝරා ගත්තේ මහනුවර පිහිටි බොදු පින් බිමක බෝ මළුවක්.

පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සාම්ප්‍රදානුකූලව චාරිත්‍ර සියල්ල ඉටු කරලා, බොහොම චාම්, සරල විදියට තමයි ඒ කටයුතු සිදු වුණේ. ඔබ දකින්න ඇති කොච්චර චාම්, සාම්ප්‍රදායික උත්සවයක්ද කියලා ඒක. එහි ඡායාරූප කරේ මම.

මටත් ඡායාරූප ගන්නකොට හිතුණේ මේක මේ රටේ හැම තරුණයෙක්ටම, තරුණියක්ටම ආදර්ශයක් නේද කියලයි. ගිවිස ගැනීම ඉවර වෙලා ඔවුන් දෙපළ ගියේ මහනුවර දළදා මාළිගාවට උතුම් දළදා වහන්සේගෙන් ආශිර්වාද ගන්න.

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..


එහිදී විවෘත තැන්වල ඡායාරූප කිහිපයක් අපි ගත්තා. විශේෂ අවසර ගන්න අවශ්‍ය තැන් නෙමෙයි. මාළිගාවෙ විවෘත තැන්වල.

එයට දියවඩන නිළමේ හෝ දළදා මාළිගාවේ පොලීසිය හෝ කිසිදු නායක හාමුදුරුවන් කෙනෙක් සම්බන්ධ නෑ. කිසිදු මුදල් ගණුදෙනු නෑ. ඒ වගේම සමහර පිරිස් දාලා තිබුණා මේක ප්‍රී ශූට් එකක් කියලා.

ප්‍රී ශූට් කරන්නේ වෙඩින් එකකට කලින්. මෙතන වෙඩින් එකක් පැවැත්වුණේ නෑ. මේක ගිවිස ගැනීම ඉවර වෙලා මාළිගාවට ආශිර්වාද ගන්න ගියාම ගත්ත ඡායාරූප දෙක තුනක් විතරයි.

මීට වඩා දළදා මාළිගාව ඇතුළේ දෙස්, විදෙස් අය ගත්තු මේ වගේ ඡායාරූප ඕනෑ තරම් තියෙනවා. මෙහිදී දළදා වහන්සේට හෝ දළදා මාළිගාවට කිසිම අගෞරවයක් අපි කළේ නෑ.

යුවළගේ ඇඳුම් වුනත් බලන්න. කොච්චර සංවර, චාම් ඒවද කියලා. මේ කාලේ තමන්ගේ විවාහ ගිවිස ගැනීම්වලට නිස්කාරණේ කරන වියදම්, යොදාගන්න නොගැලපෙන විලාසිතා නානාප්‍රකාර, ඔබ දැකලා ඇති.

ඒත් දෙව්නක සහ හෂිනි හැදෙන්නේ වැඩෙන්නේ බෞද්ධ පරිසරයක. ඔවුන්ගේ දෙමාපියන් හැමදාමත් වැඩ කරන්නේ බෞද්ධ ආගම නගා සිටුවන්න.

මේ වගේ යහපත් සංකල්පයක් සමාජයට ඉදිරිපත් කරන්න දෙව්නක, හෂිනි ගත්තු වෑයමට මම නම් ගරු කරනවා.

මේ කිසිම ඡායාරූපයකින් දළදා මාළිගාවට කිසිම අගෞරවයක් වුනේ නැති බව මම ආයෙත් සිහිපත් කරන්න ඕන.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.


ඒත් මේ ඡායාරූපවලින් කාගේ හෝ හිත රිදුනා නම් ඒකට අපි කණගාටු වෙනවා.

විවේචනය කරන්න කලින් මදක් හිතලා බැලුවා නම් වටිනවා...

උපුටාගැනීම අවසන්.!!

මෙම මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්👇

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery