රට හදන්න දළදා මාලිගාවෙන් රජයට මුදල් පරිත්‍යාගයක්

Report

ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය වන අතර, එයට සිය ආශිර්වාදය පළ කරන බව මල්වතු සහ අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමිවරුන් පැවසීය.

මල්වතු පාර්ශ්වයෙන් නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල, අස්ගිරි පාර්ශ්වයෙන් නියෝජ්‍ය ලේඛකාධිකාරී මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන හා, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

මෙම සාකච්ඡාවේදී මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැපයීම සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතු සදහා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් ලබා දිය හැකි දායකත්වය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. ඉන්පසුව, ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නියෝජිතයින් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමන ලදී.

විපක්ෂය විරුද්ධ වෙයි - මාලිමාවට තවත් දැවැන්ත පරාජයක්

විපක්ෂය විරුද්ධ වෙයි - මාලිමාවට තවත් දැවැන්ත පරාජයක්