මේ ජන කොට්ඨාසයට දුන්නු රජයේ රැකියා ප්‍රමාණය ඉහළ දමයි - රජයෙන් පොරොන්දුවක්
ආබාධිත අය රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ලබාදී තිබූ කෝටාව සියයට 4 දක්වා ඉහළ දැමීමට අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සියයට 3ක් ආබාධ සහිත අය රාජ්‍ය සේවය සඳහා බඳවා ගත යුතු නමුත් පසුගිය රජයන් එලෙස බඳවාගැනීම් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ආබාධිත පුද්ගලයන් රැකියා ගත කිරීමේදී විවිධ ප්‍රශ්න ගැටලූ රැසක් මතුවන අතර ඒවාට විසඳුම් ලබා ගනිමින් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් බවයි.
එමෙන්ම ඔවුන් බලයට පත්වීමට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ඔවුන් පිළිබඳව සඳහනක් සිදුකොට ඇති බවත් එම නිසා එම පොරොන්දු ඉටුකිරීමට රජයක් ලෙස ඔවුන් ඇප කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.