දිට්වා තව තව වනසයි - පාසල්, සරසවි වසයි ගුවන් ගමන් අවලංගු කරයි

Report

 ශ්‍රී ලංකාව ආපදා තත්ත්වයට ලක්කොට ඉන්දියාව දෙසට හමාගිය දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ දැඩි වර්ෂාව හේතුවෙන් චෙන්නායි නගරයේ අභ්‍යන්තර ගුවන් ගමන් 18ක් අවලංගු කර ඇත. එසේම චෙන්නායි හි පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම අද දින චෙන්නායි හි ප්‍රදේශ කිහිපයකින් ඉතා අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබුණා.

ඒ අනුව, එන්නෝර් මිලිමීටර් 260ක්, පාරිස් මිලිමීටර් 250ක්, අයිස් හවුස් මිලිමීටර් 220ක්, මනාලි නිව් ටවුන් සහ පොන්නේරි මිලිමීටර් 21ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

දිට්වා සුළි කුණාටුවෙන් චෙන්නායි හි ප්‍රධාන මාර්ග සහ උමං මාර්ග ගණනාවකට බලපෑම් ඇති වූ අතර, එය ගමනාගමනය අඩාල කිරීමට හේතු වී ඇත.

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

මේ අතර අවශ්‍ය වුවහොත් පහත් බිම්වල සිටින සිවිල් වැසියන් ඉවත් කොට සහන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මහා චෙන්නායි සංස්ථාව විසින් බෝට්ටු 107ක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සඳහන් කළේ, නිරිතදිග බෙංගාල බොක්ක, උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරයේ පැවති අවපාතය හෙවත් දිට්වා සුළි කුණාටුවේ ශේෂය අද උදෑසන 8.30 වන විට පැයට කිලෝමීටර් 3ක වේගයකින් සෙමින් දකුණට ගමන් කළ බවයි.

එසේම එම වේලාව වන විට කුණාටුව චෙන්නායි සිට කිලෝමීටර් 40ක් නැගෙනහිරින්, පුදුචේරි සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසින්, කුඩ්ඩලෝර් සිට කිලෝමීටර් 140ක් ඊසාන දෙසින් සහ ආන්ද්‍රා ප්‍රදේශයේ නෙල්ලෝර් සිට කිලෝමීටර් 190ක් දකුණින් පිහිටා තිබෙනවා.

තවද ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ උතුරු තමිල්නාඩු-පුදුචේරි වෙරළ තීරයේ සිට අවපාතයේ කේන්ද්‍රයට ඇති අවම දුර කිලෝමීටර් 25ක් පමණ බවයි.

කෙසේ වෙතත් කාලගුණ අනාවැකි අනුව, ඊළඟ පැය 12 තුළදී මෙය තවදුරටත් දුර්වල වීමට ඉඩ තිබෙනවා.

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්

ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්