ප්‍රේක්ෂකයන් භීතියට පත්කර ක්‍රීඩකයන් සිහිසුන් කළ ඇඟ හිරිවැටෙන පා පැදි අනතුර

By Sewvandhi Jul 31, 2022 03:15 PM GMT
Report

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයක් අතරතුර දී බිහිසුණු අනතුරක් වාර්තා වුණා. මෙම අනතුර සිදු වූයේ පාපැදි තරගාවලියේ පිරිමි කීරින් ඉසව්ව අතරතුර වන අතර, පැයට කිලෝමීටර 70 ක වේගයෙන් ධාවනය කළ එංගලන්ත ක්‍රීඩක ජෝ ටෲමන් ඇතුළු තරගකරුවන් එකිනෙකට ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදු ව තිබෙනවා.

අනතුර හේතුවෙන් ජෝ ටෲමන්ගේ උරස් අස්ථිය බිඳී ඇති අතර ඔහුව රෝද පුටුවක් ආධාරයෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනත්, ඊට මත්තෙන් ඔහුට ඔක්සිජන් ලබා දීමටට සෞඛ්‍ය අංශ කටයුතු කෙරුණා.

ක්‍රීඩකයා මද වේලාවක් සිහි සුන්ව ඇති අතර වෛද්‍ය කාර්‍යය මණ්ඩලයේ වෙහෙස මහන්සියෙන් ඔහුට නැවත සිහිය පැමිණි පසු රැස්ව සිටි ප්‍රේක්ෂකයන් ජෝ ටෲමන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට අත්පොළසන් දුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now