විෂයමාලා, පෙළපොත් සකස් කරන නිලධාරීන්ට අගමැතිනියගෙන් උපදෙස් මාලාවක්
විෂයමාලා, පෙළපොත් සකස් කරන සහ සමාලෝචනය සිදුකරන නිලධාරීන් සඳහා සයිබර් ආරක්ෂණය වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (06) අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 6-13 ශ්‍රේණි සඳහා අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ කාර්ය සාධන බළකායේ මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම සයිබර් ආරක්ෂණයට අදාළ කාර්ය කන්ඩායම (work group) සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ
එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ පාසල් සිසුන් සඳහා විෂයමාලා සකස් කිරීම, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදුකිරීම යන කාර්යයන් සිදුකරන නිලධාරීන් සඳහා මාර්ගගත ආරක්ෂණය, ඩිජිටල් යහපැවැත්ම, සයිබර් ආරක්ෂණය (Online Safety, Digital Wellbeing, Cyber Security) වෙනුවෙන් මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කිරීමටය.