බාල බෙහෙත් නඩුවේ සාක්‍ෂි විමසීම අද

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අද (9 වැනිදා) පෙරවරු 9.30ට තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හයදෙනකුට සිතාසි නිකුත් කිරීමට ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (08දා) නියෝග කර තිබේ .

ඒ අතර සහකාර රේගු අධිකාරි ගයාන් ඉන්දික, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මහේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු 6 දෙනෙකු වේ .

පෙර නඩු දිනයේදී සාක්ෂි ලබාදී තිබූ පැමිණිල්ලේ 292 වැනි සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති) ප්‍රභාත් ඉන්දික ප්‍රසන්න මහතා ඊයේ විත්තියේ නීතිඥවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂි ලබාදී තිබේ.

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක් - මේවටත් 25,000ක්

 ඒ වගේම නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වනු ලබන්නාවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඔහුගේ සාක්ෂිය අවසන් කළේ නැවත ප්‍රශ්න ඇසීමෙන් අනතුරුවයි.

තවද එම සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් කිරීමට පෙර විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් සාක්ෂිකරුගෙන් ඔහු ලබාදුන් සාක්ෂියට අදාළව ප්‍රශ්න කීපයක් අසන ලදි.

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය නැවත ප්‍රශ්න අසන අවස්ථාවේ දී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එම සාක්ෂිකරුට අවවාද කළේ ප්‍රශ්නය අවසන් වීමට පෙර පිළිතුරු දීමට සාක්ෂිකරු උත්සාහ දැරූ අතර ප්‍රශ්න නිසියාකාරව තේරුම් ගෙන පිළිතුරු ලබාදෙන ලෙසයි .

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි