වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.. මේ දැන් ගත්ත තීරණය මෙන්න..

krishani
Report this article
අද (22) අලුයම 6 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ අද දහවල් 12 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවය.
මේ අතර, ඊයේ (21) රාත්‍රී 10 සිට අද (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලබලපැවැත් වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබුණා.
ඒ ජනාධිපතිවරයා විසින් ගත් තීරණයකට අනුවයි.
එමෙන්ම, ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් යළිත් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව එහි සඳහන් වුණේ, ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවය.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ද මින් පෙර පොලිස් මූලස්ථානය දැනුම් දෙනු ලැබීය.
