නිළි රැජිණියට සමු දෙන්න කොළඹට ජනගඟක්...මේ ඇගේ වත්කමයි
අද (25) දින ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවට දිවයිනේ නොයෙක් පැතිවලින් දහස් සංඛ්‍යාත ජනතාව ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මියට සිය අවසන් ගෞරව දැක්වීමට රැස් විය.
එසේම ඇයට අවසන් වරට ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස අතර මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ද රංගන ශිල්පීන්, ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, සාහිත්‍යවේදීන් සහ විවිධ විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී විය.
එහි දී ඇතැම් කලාකරුවන් මෙන්ම දේශපාලනඥයන් ද එම අවස්ථාවේ එහි සිට මාධ්‍යවලට අදහස් පළ කළේ ඇයගේ ගුණ වර්ණනා කරමින්.
එසේම පැමිණි සමහර රසික රසිකාවියෝ දැඩි සංවේගයෙන් යුතුව ඇයගේ දේහය වැළඳගෙන හඬා වැළපුණු බව ද සඳහන්.
අද පෙරවරු 10.00 ට මාදිවෙල පිහිටි නිවසේ සිට ඇයගේ දේහය රැගත් රථ පෙරහැර පිටත් වී තිබුණි.
එහි දී මාලනීගේ දේහයට මල් ඉසිමින් පෙරහර ගමන් කළ මග දෙපස රැස්ව සිටි ජනතාවද ගෞරව දැක්වූ බව වාර්තා විය.
එසේම ඊයේ දින ඈත දුරබැහැර ප්‍රදේශවලින්ද බාල තරුණ මහලු බොහෝ පිරිස් මාලනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස තරංගනී ශාලාවට පැමිණ තිබෙනවා.
එමෙන්ම අද දිනයේත් දේහයට ගෞරව දැක්වීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිස පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය.
ඒ අනුව ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇත.
අනතුරුව දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසුව එම පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
