සංචාරක තරුණියට ඇල්ලේදී කළ අපරාධය

Report

ඇල්ල සුන්දරත්වය නැරඹීමට පැමිණි ඇල්ජීරියා ජාතික විසිපස් හැවිරිදි තරුණියකට බීම වර්ගයක් පානය කිරීමට දී සිහිමුර්ජා කොට ඇය සතු ජංගම දුරකථන 2ක් ඇතුළු තවත් වටිනා දේපළ කොල්ලකා පසුව එම තරුණිය ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මඟපෙන්වන්නකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්ල පොලිසිය පැවසුවේ සිහිසුන්ව වැටී සිටි විදේශීය තරුණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිහි ලැබීමෙන් පසු ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර සංචාරක මඟපෙන්වන්නා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයන් හදිසියේ කැඳවයි…

දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයන් හදිසියේ කැඳවයි…

සැකකරු සංචාරක මඟපෙන්වන්නකු මෙන්ම රියදුරකු ලෙස ද කටයුතු කර ඇතැයි පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් 70 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු විදෙස් තරුණියගෙන් කොල්ලකෑ ජංගම දුරකථන සොයාගෙන ඇත.

ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා. 

ඇමරිකානු ජනාධිපතිගේ මීලඟ හමුව අද

ඇමරිකානු ජනාධිපතිගේ මීලඟ හමුව අද