ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර තීරණාත්මක තරගය අද

Report

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද(04) දින පැවැත් වෙනවා.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. ඒ අනුව මෙය 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයයි.

එමෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගී වන දෙවැනි තරගය ද මෙය වේ.

මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් ජය ගැනීමට සමත් වුණා.

එසේම ඔස්ට්‍රේලියාව,නවසීලන්තය සමග පැවති දෙවැනි තරගය ජයගත්තේ ලකුණු 89කින්.

WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ඒ අනුව දෙරට අතර මේ වන තෙක් තබා ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 11ක් වන අතර එම තරග 11ම ජය ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියාවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අවස්ථා 7කදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගෙන ඇත. එමෙන්ම අවසන් වරට පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියද ජයගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

ඒ අනුව අද තරගය පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව ඇත. එහිදී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමිව ඇත.

මේ අතර තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය හරහා සෑම තරගයක්ම සජීවීව නැරඹිය හැකි බව වාර්තා වේ.  

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළට..

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්

මීට පස්සේ රියැදුරු බලපත්‍ර මෙච්චර කාලෙකට වලංගුයි - සුබ ආරංචියක්