ක්‍රිකට් නිසා තරුණයෙකුට සිදු වූ අවාසනාවන්ත ඉරණමක්..මෙවන් විපතක් කිසිවෙකුට සිදු නොවේවා!!.

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දියාවේ තරුණයෙකුට හෘදයාබාධයක් වැළ දී මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මියගිය තරුණයා වයස අවුරුදු 27ක ඉන්දියාවේ තිරුපති දුර්ගා සමුද්‍‍රම් ගම්මානයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු සිය නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රිකට් තරඟාවලිය නරඹමින් සිටිය දී ඉන්දියාව ලද පරාජය දැක වාඩි වී සිටි පුටුවෙන් ඇද වැටී තිබෙන බවයි ඉන්දීය පුවත් වාර්තා පවසන්නේ.

මේ අතර, ඉන්දියාවට ලෝක කුසලානය අහිමි වීමත් සමඟ රූපවාහිනියෙන් තරග නරඹමින් සිටි ඉන්දියාවේ විශාල පිරිසක් කෝපයට පත්ව රූපවාහිනි යන්ත්‍ර පොළොවේ ගසා විනාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවෙම බලාපොරොත්තු සුන් වූ දරුණු පරාජය - අගමැති මෝදි එකවරම ඉන්දීය පිළ ගැන කීව කතාව.. සමාජ මාධ්‍යත් කැළඹෙයි?. (PHOTO)

ඉන්දියාවෙම බලාපොරොත්තු සුන් වූ දරුණු පරාජය - අගමැති මෝදි එකවරම ඉන්දීය පිළ ගැන කීව කතාව.. සමාජ මාධ්‍යත් කැළඹෙයි?. (PHOTO)