ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබේ .
බොර තෙල් රැගත් නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ කොළඹ වරායට පැමිණීමට නියමිත බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර තිබේ .
මෙම එක් නෞකාවක ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගන්නා බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ද අනෙක් නෞකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලබාගන්නා බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ද අඩංගු වේ.
පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බව මයුර නෙත්තිකුමාර මහතා සදහන් කර ඇත .
එම නිසා අසත්‍ය ප්‍රචාර විශ්වාස නොකරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි .
කෙසේවෙතත්ඉන්ධන හිඟයක් නොමැති බව ඔහු අවධාරණය කළේය.
තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
"ඉන්ධන මිල යන දාන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසිදු තීරණයක් අරන් නැහැ. ඒ වගේම ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරයක් යනවා. එහි කිසිදු සත්‍යතාවයක් නැහැ. මේ මාසයට අවශ්‍ය කරන සියලු තෙල් සහ හත්වෙනි මාසය අවසානය දක්වා තියෙන තෙල් තොග මේ වෙනකොට ඇවිල්ල තියෙන්නේ. මේ මාසයේ අපේක්ෂිත සියලුම නෞකා මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ මාසයේ 28 සහ 31 දිනවල තවත් බොර තෙල් නෞකා දෙකක් එන්න තියෙනවා. එම තෙල් පිරිපහදු කරගැනීමේ ලබාගන්නා ඉන්ධන තවදුරටත් ඉදිරි මාසයේදී ලබාදීමේ හැකියාව තියෙනවා. අප්‍රේල් මාසයේදී ලෝක වෙළඳපොළේ ඩීසල් මිල ඉහළ ගියාට මේ වනවිට ඒ මිල ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. මේ මිල තවදුරටත් අඩුවෙයි කියලා අපි හිතනවා. ඒ නිසා අප්‍රේල් මාසයේදී ඉන්ධන වැඩි මිලට විකුණන් තිබුණ අවශ්‍යතාව මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මේ සම්බන්ධයෙන් කලබලවීමට අවශ්‍යතාවක් නැහැ. මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම වුණත්, කලින් බලාපොරොත්තු වුණා වගේ රුපියල් 700ක් දක්වා වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ තත්ත්වය මේ වෙද්දී පහව ගිහින් තියෙන්නේ."