මෙරට සමඟ ගැසූ ඉන්දියාවේ අදානි ගිවිසුම ගැන අධිකරණ තීන්දුවක්. - ගිවිසුම බල රහිත කරයි?

Report

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම විය.  

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්..?


You May Like This Video