රාජිතටත් වැඩ වරදී අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට ඇති චෝදනාවේ සැකකරුවෙක් වශයෙන් ඔහු නම් කර ඇති පසුබිමක‍යි.

රන් වලට යළි උණුසුමක්

රන් වලට යළි උණුසුමක්

ඒ අනුව එම නියෝගය අද (11) දින නිකුත් කර ඇත. එම නඩුවට අදාළ චෝදනාව වී ඇත්තේ, නීත්‍යානුකූලව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරී තිබූ වැලි කැණීමේ ව්‍යාපෘතියක්, නීති විරෝධී ආකාරයට විදේශීය සමාගමකට ලබා දීමයි.

මෙම නිසා රජයට රුපියල් ලක්ෂ 263 ඉක්මවූ පාඩුවක් වී ඇති බව පවසයි.

එසේම එම විමර්ශනය අධිකරණය හමුවේ කැඳවූ විටදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අඳාළ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත්තේ එම සිද්ධිය පිළිබඳව සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදු නෛතික බාධාවක් නොපවතින බවයි.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි