අන්තරේටත් අධිකරණයෙන් වාරණ
අධිකරණය මඟින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කර ඇත.
ඒ කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයකට ඇතුල් වීමට සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින්.
මෙම වාරණ නියෝගය අද (16) දහවල් 12 සිට හෙට එනම් 17 දින පස්වරු 5 දක්වා වලංගු වන බව සඳහන්.
ඒ අනුව එම කාලය ඇතුළත ඔවුන්ට එම අඳාළ ප්‍රදේශවලට යාම තහනම් වනු ඇත.
එසේම අද දින කොළඹ දී සම සොඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව මඟින් විරෝධතාවයක් ද සංවිධානය කර තිබෙනවා.
ඒ පරිපූරක වෛද්‍ය වෘත්තීන්ට සම සොඛ්‍ය විද්‍යා උපාධිධාරීන් නොසලකා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් පමණක් බඳවා ගැනීමට එරෙහිවයි.