ලැව්ගින්නක් වුණ බුදුපිළිම ප්‍රශ්ණේට මේකද උත්තරේ

Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා වන ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ ත්‍රිකුණාමලය විහාරස්ථානයේ මතභේදයට තුඩු දුන් සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් මස 26 වැනි දින යළි කැඳවීමට අධිකරණය තීරණය කර ඇති බවත් එම විහාර භූමියේ දැනට ඉදිකර ඇති කිසිදු දෙයක් එතෙක් කල් වෙනස් කිරීම, ඉවත් කිරීම හෝ වැඩිදියුණු කිරීමකට ලක් නොකරන ලෙස නියෝග කල බවයි.

ත්‍රීකුණාමල බුදු පිළිම ප්‍රශ්ණේ ලැව් ගින්නක් වෙලා ජනාධිපතිටත් ලිපියක්

ත්‍රීකුණාමල බුදු පිළිම ප්‍රශ්ණේ ලැව් ගින්නක් වෙලා ජනාධිපතිටත් ලිපියක්

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් 'බී වාර්තාවක්' අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මහේස්ත්‍රාත්තුමා විසින් අදාළ භික්ෂූන් වහන්සේලාගේ හා රැස්ව සිටි අනෙක් පිරිසගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට පොලිසියට නියෝග කර ඇති බවයි.

විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා, මහජන නියෝජිතයින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දායක සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවති බවත්, එහිදී එකඟතාවකට එළැඹීමට හැකි වූ බවත් පැවසීය. එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පැමිණිල්ලක් සහ භූමියේ මායිම් නිර්ණය කිරීම පිණිස මිනුම් කටයුතු සිදු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නියෝග ලබා දී ඇති බවද ඔහු අනාවරණය කළේය.

වරමත් අරගෙන ඥානසාර හිමි ත්‍රිකුණාමලේට - ඕනේ ඕනේ එකාට සංස්කෘතිය හුරකන්න දෙන්න බැහැ

වරමත් අරගෙන ඥානසාර හිමි ත්‍රිකුණාමලේට - ඕනේ ඕනේ එකාට සංස්කෘතිය හුරකන්න දෙන්න බැහැ

අමාත්‍යවරයා අවධාරණය කළේ, ඇතැම් පාර්ශවයන් මෙම සිදුවීම දේශපාලන වාසි ලබාගැනීමට හෝ ජාතිවාදය හා ආගම්වාදය අවුළුවාලීමට යොදා ගැනීමට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේග රජය කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන අතර, ජාතිවාදයට හිස ඔසවන්නට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් හා පියවර ගෙන ඇති බවත් පැවසීය.