දෙන්නත් එක්ක එකතු වෙලා හොදට ප්ලෑන් කරලා කරපු වැඩේ බලන්නකෝ...

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Piyumika Feb 19, 2025 08:07 AM GMT
Piyumika

Piyumika

Report

ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සාර්ථක මෙහෙයුමක් අතරතුර, කූට ලෙස සකස් කරන ලද කැනඩා වීසා බලපත්‍ර භාවිත කරමින් ජපානය හරහා කැනඩාවට පලා යෑමට උත්සාහ දැරූ යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතික යුවළක් පෙබරවාරි 17 වන දින රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.

අත්අඩංගුවට ගැනූ සැකකරුවන් අතර වයස අවුරුදු 40ක් වූ සැමියෙකු සහ ඔහුගේ වයස අවුරුදු 34ක් වූ බිරිඳ සිටින අතර, ඔවුන් පෙබරවාරි 17 වන දින රාත්‍රී 8.35ට ජපානයේ නරිතා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-454 දරන ගුවන්යානයට පිවිසීමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්ත්වය බරපතලයි.....

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්ත්වය බරපතලයි.....

මෙම යුවළ ගුවන්තොටුපොළට පැමිණ ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී, ඔවුන් සතුව තිබූ කැනඩා වීසා බලපත්‍ර පිළිබඳව සැක සහිත තත්ත්වයක් නිරීක්ෂණය කළ ගුවන් සේවා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇත.

දේශසීමා ආවේක්ෂණ ඒකකය විසින් සිදු කරන ලද තාක්ෂණික පරීක්ෂණවලදී මෙම වීසා බලපත්‍ර කූට ලෙස සකස් කර ඇති බව තහවුරු විය.

අත්අඩංගුවට ගත් යුවළගෙන් සිදු කළ ප්‍රාථමික විමර්ශනවලදී ඔවුන් පිළිගෙන ඇත්තේ මෙරට සිටින තැරැව්කරුවෙකු සමඟ රුපියල් ලක්ෂ අසූවක ගනුදෙනුවක් සිදු කර ඇති බවයි.

එම මුදලින් රුපියල් ලක්ෂ හැට පහක් දැනටමත් ගෙවා ඇති බව සැකකරුවන් පිළිගෙන තිබේ. විමර්ශනවලදී තවදුරටත් හෙළි වූයේ මෙම යුවළ සැලසුම් කර තිබුණේ කටුනායක සිට ජපානයේ නරිතා ගුවන්තොටුපොළට ගොස්, එතැන් සිට කැනඩාවේ වැන්කූවර් නගරය වෙත පලා යෑමට බවයි.

අවධානයෙන් ඉන්න ඔයාටත් මෙහෙම වට්ස්ඇප් පණිවිඩයක් ලැබිය හැකියි...

අවධානයෙන් ඉන්න ඔයාටත් මෙහෙම වට්ස්ඇප් පණිවිඩයක් ලැබිය හැකියි...

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් කූට වීසා බලපත්‍ර භාවිත කිරීමට සැලසුම් කර තිබූ බව ප්‍රාථමික විමර්ශනවලදී තහවුරු වී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.  

You may like this video

ReeCha