ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්ත්වය බරපතලයි.....

By Piyumika Feb 19, 2025 05:36 AM GMT
Report

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා.

එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම වර්ධනය වී ඇති බවයි වතිකානුව සඳහන් කරන්නේ.

මන්ත්‍රී කොට්ටහච්චිට මාධ්‍යය වාරණයක් ...

මන්ත්‍රී කොට්ටහච්චිට මාධ්‍යය වාරණයක් ...

තවද මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සතියකට වැඩි කාලයක් ශ්වසන ආසාදනයකින් පෙළුණු අතර, පසුගිය සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදීයි මෙම රෝගී තත්ත්වය සොයාගෙන තිබෙන්නේ.

අනේ දෙයියනේ මෙහෙම නම් මැරෙන කල්වත් මේක කර ගන්න වෙන්නෑ කියලා හිතපු කාලේ ඉවරයි...

අනේ දෙයියනේ මෙහෙම නම් මැරෙන කල්වත් මේක කර ගන්න වෙන්නෑ කියලා හිතපු කාලේ ඉවරයි...

පසුගිය සතියේ දී පාප් වහන්සේට බ්රොන්කයිටිස් රෝග ලක්ෂණ ඇති වූ අතර, උත්සවවලදී සූදානම් කළ කථා සිදු කිරීමට නිලධාරීන් පත් කර තිබුණා.

You may like this video