රටම කළඹපු මහා භාණ්ඩාගාරයේ ඇත්තටම වුණේ මොකක්ද? සියලු ප්‍රශ්නවලට පිළිතුරු හෙට
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙට (08) සඳුදා දින රැස් වීමට නියමිතයි.
ඒ ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මහ භාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳව කරුණු සලකා බැලීමටයි. මහා භාණ්ඩාගාරයේ අඳාළ වාර්තාව එහි නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට ඉකුත් දා භාර දී තිබුණා.
එසේම එම වාර්තාවේ පිටපත් කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරුන්ට මේ වන විටත් බෙදා දී ඇති බව සඳහන්.
අඳාළ මුදල් වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මඟින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු ප්‍රධානීන් කැඳවා මින් පෙරද සාකච්ඡා කර ඇත.
ඒ පිළිබඳව සාමාජික මන්ත්‍රී රවී කරුණානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු කමිටුව හෙට සඳුදා රැස්වී මේ ගැන සාකච්ඡා කරන බව සඳහන් කළ බව වාර්තා වේ.
එමෙන්ම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.