කෝප් නියෝගය ලැබුණට වසර 10ක් ගිහිල්ලත් තේ මණ්ඩලේ අයිතිය ගන්න බැරි වෙලා
තේ මණ්ඩලය මඟින් ඉකුත් 2003 වසරේ දී ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත දුන් රුපියල් 25,000,000.00ක ණය මුදලක් සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන පිහිටි තේ කෞතුකාගාරය (Ceylon Tea Museum) හි අයිතිය තේ මණ්ඩලයට පැවරීමට තීරණය වී තිබෙනවා.
එසේ වුවත් වසර දහයක් ගත වුවද එහි අයිතිය පවරා ගැනීමට හෝ ණය මුදල් අයකර ගැනීමට කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව ඉකුත් 2012 වසරේදී පැවැති තේ මණ්ඩලයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
එහෙත් තේ මණ්ඩලය අඳාළ නියෝගවලට පටහැනිව කටයුතු කර ඇති බව සඳහන්.
මේ අතර මේ පිළිබඳ අදහස් දක්වමින් කළමනාකාරීත්වය විගණනයට දන්වා ඇත්තේ මෙම හන්තාන තේ කෞතුකාගාරය පවරා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එම දේපොළෙහි නීත්‍යනුකූල බව පිළිබඳව සොයා බලා පවරා දීමට තීරණය කළ බවත් ය.